ezcook උයන්න පිහන්න නොමිලේම ඉගනගන්න

සියලුම ආහාරමය වට්ටෝරු කැදවර්ග සුප්වර්ග බත්වර්ග වෑංඡන වර්ග සහ අතුරුපස වර්ග ඇතුලු නොයෙකුත් ආහාර වර්ග පිලිබදව ඔබට නොමිලේම ඉගනගත හැක

අනිවාරයෙන්ම නිරතුරුවම අලුතින් යමක් එකතුවේ එමනිසා ඔබත් නිරන්තරයෙන්ම පැමිනෙන්න දැනුමට යමක් එක් කරගන්න
මෙම වෙබ් අඩවියට පැමිනිය හැක්කේ s m s මගින් ඔබට දිනපතා ලැබෙන link එකෙන් පමනි ඔබට ඡයවේවා.
    මෙම වෙබ්අඩවියේ අලුතින් පලකරන ලද තොරතුරු පහතින් පහතට පලවන බැවින් ඔබත් මෙම පිටුවෙහි පහතටම ගොස් අලුත් දේවල් ඉගනගන්න ලෙසට මතක් කරසිටිමි.
                                                                      sea food rice
                                                                මේසදහා අවශ්‍ය ද්‍රව්‍ය
 පිසගත් බාස්මතී බත් ග්‍රෑම් 200 ක් බිත්තර 01 ක් සිහින්ව කපාගත් කැරට් ග්‍රෑම් 50 ක් සිහින්ව කපාගත් ගෝවා ග්‍රෑම් 40 ක් පොඩියට කපාබැදගත් දැල්ලෝ ග්‍රෑම් 50 ක් පොඩියට කපා බැදගත් මාඵ ග්‍රෑම් 50 ක් පොඩියට කපාබැදගත් ඉස්සො ග්‍රෑම් 50 ක්  තෙල් තේහැදි 01 ක් ලූනු කොළ සිහින්ව කපාගත් ග්‍රෑම් 25 ක් රසපදමට ලුණු
                                                                 සාදාගන්නා ආකාරය
ප්‍රථමයෙන් ගැඔුරැති භාඡනයක් ළිපතබා එයට තෙල් ස්වල්පයක් එක්කරන්න ඉන්පසු කැරට් හා ගෝවා ප්‍රමාණය එක්කර තෙම්පරාදු කරගන්න එළවඵ තරමක් තෙලෙන් මැළවූ විට බිත්තරය කඩා එයට දමා මදවේලාවකින් උයාගත් බාස්මතී බත් ප්‍රමාණය එකතු කරන්න ඉන්පසුව එයට දැල්ලො මාඵ ඉස්සො එකතුකර හොදින් පිස රසපදමට ලුණු එක්කරන්න අවසානයේ ලූනුකොළ ප්‍රමාණය එකතුකර මදවේලාවක් තබාලිපෙන් බාගන්න.

                                                                    මුරුක්කු හදමු


අවශ්‍ය ද්‍රව්‍ය
බැදිහාල් පිටි,ග්‍රෑම් 500 යි,උදු පිටි ග්‍රෑම් 500යි,සූදුරු කුඩු,ගම්මිරිස් කුඩු,ලුණු

සාදාගන්නා ආකාරය
උදුපිටි,හාල්පිටි,සූදුරු කුඩු,පොල්කිරෙන් අනා කලවම්කර ලුණුද එක තුකර ඉදිආප්ප වංගෙඩියකින් මිරිකා නටන තෙලට දමා බැදගන්න.

                                                                     උදු වඩේ


අවශ්‍ය ද්‍රව්‍ය
පොතු හැර ගත් උදු ග්‍රෑම් 500,රතු ලූණු ග්‍රෑම් 250,අමුමිරිස් ග්‍රෑම් 50,කරපිංචා,තෙල්,ගම්මිරිස් කුඩු මේස හැදි 1හමාරයි,ලුණු

සාදන ක්‍රමය

උදු පොගවා අඹරා එයට අමුමිරිස්,වියලි මිරිස් ,රතුලූණු,උම්බල කඩ දමා පදමට ලුණු එක්කර අනා එය තෙලේ බැදගන්න.


                                                             මසාල වඩේ

අවශ්‍ය ද්‍රව්‍ය

පරිප්පු ග්‍රෑම් 500,අමුමිරිස් ග්‍රෑම් 20,වියලි මිරිස් ග්‍රෑම් 30,රතුලූණු ග්‍රෑම්250,උම්බල කඩ,තෙල්,ලුණු

සාදන ක්‍රමය

පරිප්පු පොගවා අඹරා එයට අමුමිරිස්,වියලි මිරිස්,රතුලූණු,උම්බලකඩ,ලුණු ද දමා අනා එය තෙලේ බැදගන්න.